Appendicitis කියන්නේ මොකටද

appendicitis

What is the appendix? (උණ්ඩුක පුච්චය කියන්නේ මොකද්ද?)
Appendix යනු සිහින්, අගල් කිහිපයක් දිග, කුඩා නලයක හැඩය ගන්නා, මහාන්ත්‍රයේ මුල් කොටසට බැදී ඇති කොටසකි (රුපය බලන්න). මෙහි බිත්තියහි වසා ග්‍රන්ථි මගින් ප්‍රතිශක්තිකරණ පද්දතියේ ප්‍රදාන අංගයක් වන ප්‍රතිදේහ (antibodies) නිපදවයි.

එතකොට appendicitis කියන්නේ මොකටද?
Appendicitis කියල කියන්නේ appendix එකේ ඇතිවන ප්‍රධාහයටයි. මෙයට හේතු වන්නේ, appendix එක මහාන්ත්‍රයට විවර්ත වන ස්ථානය අවහිර වූ විටයි. එසේ අවහිර වීමෙන් පසු appendix එකේ සිටින සාමාන්‍ය බැක්ටීරියා එහි බිත්තියට ආක්‍රමණය කරයි, පසුව එම කොටස මිය යන්න පටන් ගනියි. අවසානයේ එය පුපුරා යන්න පුළුවන්.

Appendicitis වැඩිපුර ඇති වන්න පුළුවන් කාටද?
Appendicitis ජනගහනයෙන් 6% කට පමණ ඇත. එය සාමාන්යෙන් වයස අවු. 10 – 30 ත් අතර ප්‍රමාණයේ අයට වැළදීමේ වැඩි ප්‍රවනතාවක් ඇත.

Appendicitis නිසා ඇතිවිය හැකි සංකුලතා
බහුලවම දක්නට ලැබෙන සංකුලතාවයක් නම් appendix එක පිපිරී යාමයි, එසේම ඒ අවට සැරව පිරුණු ගෙඩියක්ද (periappendiceal abscess) සැදෙන්න පුළුවන් හා උදර කුහරයේ මුළු බිත්තියේම ප්‍රදාහයක් ඇතිවීමටත් (diffuse peritonitis) මග පැදිය හැක. මෙම සංකුලතා ඇතිවන්නේ රෝග ලක්ෂණ ඇතිවන මුල් අවස්ථා වේම වෛද්‍ය ප්‍රතිකාර ලබා නොගැනීම නිසයි.

රෝග ලක්ෂණ මොනවද?
Appendicitis වල ප්‍රදානම රෝග ලක්ෂණය වන්නේ බඩේ කැක්කුමයි. බඩේ කැක්කුම බොහෝවිට දක්නට ලැබෙන්නේ බඩේ මැද හරියෙයි හෝ දකුණු පත්තෙයි. ඊට අමතරව මුළු බඩේමද කැක්කුම දක්නටද පුළුවන. ඊට අමතරව උණ ගතිය, වමනය හෝ ඔක්කාරය දැකිය හැක. ආහාර අප්‍රිය තත්වයද ඇතිවිය හැක.

රෝග විනිශ්චය කරන්නේ කොහොමද?
ඔබගේ වෛද්‍යවරයා විසින් රෝග ඉතිහාසයත්, උදරයේ පරික්ෂාවකිනුත් පසු එළබෙන තීරණයකි. එසේම තවදුරටත් තහවුරු කර ගැනීම සදහා රුධිර හා මුත්‍ර පරික්ෂවක්ද කරනු ලබයි.

ප්‍රතිකාර ක්‍රම මොනවද?
Appendicitis ලෙස රෝග විනිශ්චය කලේ නම් බොහෝ විට එය සැත්කමකින් ඉවත් කරනු ලබයි. එය appendectomy ලෙස හදුන්වයි. එසේම ප්‍රතිජීවක ඖෂධද ලබා දෙයි. අපගේ ඊලග රුප රාමු වලදී මෙම සැත්කමක් (laparoscopic appendectomy) කරන ආකාරය පෙන්වා දෙයි.

මෙම සැත්කමේ සංකුලතා තිබේද?
බොහෝවිට දකින්ට ඇති සංකුලතාවය නම් මෙහි සමේ ඇතිවන කැපුම හොද වීමට සමහර අයගේ පරක්කු වීමයි. එවිට වැඩිපුර දින ගණනක ප්‍රතිජීවක ඖෂධ අවශ්‍ය විය හැක.

Appendix ඒකෙන් ප්‍රයෝජන තියෙනවද?
එක හරියටම දන්නේ නැහැ. appendix එක සැත්කමකින් ඉවත් කල අයගේ විශේෂ වෙනස්වීම දකින්න නැහැ, නමුත් එම අයෙගේ Crohn s disease වැනි ආහාරමාර්ග පද්දතියට බලපාන අසනීපවල පොඩි වැඩි වීමක් දකින්නට තියෙනවා.

Leave a Reply

Top