ඔබට තෝරාගත හැකි ප්‍රථමාධාර පාඨමාලා

ගෘහස්ථ මූලික ප්‍රථමාධාර පුහුණු පැකේජය
අපගේ විශේෂිත මූලික පුහුණුව මගින් ඔබත් ඔබේ ආදරණීයයන්වත් හදිසි අවස්ථාවකට ඵලදායී ලෙස මුහුණ දීමට සූදානම් කිරීම අපේ අරමුණයි. කුඩා කණ්ඩායම් සඳහාම විශේෂයෙන් සැලසුම් කළ මෙම වැඩසටහන මගින් ප්‍රවීණ ප්‍රථමාධාර දැනුම ඔබේම ගෙදරට ගෙන එමින්, හුරුපුරුදු පරිසරයක සුවපහසුව, රහස්‍යභාවය රකිමින් ප්‍රයෝගික ඉගැන්වීම් ලබා දෙයි.
වැඩසටහන් විස්තර:
සහභාගී විය හැකි පිරිස: පවුල්, සමීප මිතුරන්, සහ කුඩා ගෘහස්ථ කණ්ඩායම් වැනි කුඩා කණ්ඩායම්.
කණ්ඩායම් ප්‍රමාණය: 5 අවම සහභාගිවන්නන් 5 දෙනෙකු සිට උපරිම සහභාගිවන්නන් 10 දෙනෙකු දක්වා.
පැවැත්වෙන ස්ථානය: අපි පුහුණුව ඔබ වෙතටම ගෙන එමු! පුහුණුව ඔබගේ නිවසේ හෝ ඔබ කැමති ස්ථානයක පැවැත්වේ.
කාලය: සම්පූර්ණ එක් දිනක් (පෙ.ව. 8.30 – ප.ව. 4.30)
පුහුණුව ලබා දෙන්නේ: සැසි මෙහෙයවනු ලබන්නේ පහත සඳහන් කැපවූ කණ්ඩායමක් විසිනි: එක් පිරිමි සහතිකලත් පුහුණුකරුවෙකු, එක් කාන්තා සහතික ලත් පුහුණුකාරිනියක්, එක් වෛද්‍යවරයෙක් (වෛද්‍ය උපදේශනය සහ අධීක්ෂණය සඳහා)
උපකරණ: අවශ්‍ය සියලු පුහුණු උපකරණ සහ මැනිකින් (mannequins) අප විසින් සැපයෙයි. ඔබෙන් අවශ්‍ය වන්නේ ස්ථානය පමණි.
පුහුණු ගාස්තුව: රු. 48,000 (සම්පූර්ණ කණ්ඩායම සඳහා ස්ථාවර ගාස්තුවක්).
ගමන් ප්‍රතිපත්තිය: බස්නාහිර පළාත තුළ සාමාන්‍ය මිල ගණන් අදාල වේ. බස්නාහිර පළාතෙන් පිටත ස්ථානයක් නම්, දුර අනුව අමතර ගමන් ගාස්තුවක් අයකෙරේ.
සහතිකය: පුහුණුව සම්පූර්ණ කිරීමෙන් පසු, සියලුම සහභාගිවන්නන් කෙටි ලිඛිත විභාගයකට පෙනී සිටිනු ඇත. සාර්ථක අපේක්ෂකයින්ට ඔවුන්ගේ කුසලතා සහ සූදානම සහතික කරන නිල සහතිකයක් ලබා දෙනු ලැබේ.
සම්පූර්ණ පාඨමාලා අන්තර්ගතය
අපගේ විෂය මාලාව සාමාන්‍ය ගෘහස්ථ හදිසි අවස්ථා සහ ජීවිත රක්ෂා කිරීමේ තීරණාත්මක ක්‍රම ආවරණය කිරීමට සැලසුම් කර ඇත. පහත ඒකක පිළිබඳ ප්‍රායෝගික පුහුණුව සහ න්‍යායාත්මක අවබෝධය ඇතුළත් වේ:
හැඳින්වීම: ප්‍රථමාධාර යනු කුමක්ද? එය වැදගත් වන්නේ ඇයි?
ආරක්ෂාව: ඔබගේ සහ ඔබ නිවසේ පරිසරය ආරක්ෂා කර ගන්නේ කෙසේද
සූදානම: ගෘහස්ථ ප්‍රථමාධාර බෑගයක අත්‍යවශ්‍ය අංග.
Resuscitation: නිවැරදි Recovery Position එක.
අනතුරු: තුවාල විස්තර කිරීම, තුවාල සත්කාර, සහ අස්ථි බිඳීම් හසුරුවීම.
ශ්වසන මාර්ග අවහිරතාව: හිරවීම (Choking) කළමනාකරණය.
දැවීම්: (Burns) සත්කාර සහ ප්‍රතිකාර.
හෘද රෝග: හෘදයාබාධයක ලක්ෂණ හඳුනා ගැනීම.
ස්නායු පද්දතිය: Seizures/Fits හැසිරවීම.
විදුලිය: විදුලි සැර වැදීමේ අවස්ථාවල ප්‍රතිචාර දැක්වීම.
රුධිර සංසරණ ගැටලු: සිහි මූර්ඡා වීම (Fainting) කළමනාකරණය.
ආහාර ජීර්ණ පද්ධති ගැටලු: ආහාර විෂවීම සඳහා වහා ගත යුතු පියවර.
ප්‍රතිශක්තිය හා ගැටළු: ආසාත්මිකතා (Allergies) හඳුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීම.
දියේ ගිලීම සඳහා හදිසි ප්‍රතිචාර.
CPR: ප්‍රායෝගික Cardiopulmonary Resuscitation (CPR) පුහුණුව.
සපාකෑම් සහ දෂ්ට කිරීම්: සර්ප දෂ්ටන, බල්ලන් සපා කෑම හා ප්‍රථමාධාර.

වෘත්තිකයින් සඳහා ප්‍රථමාධාර පුහුණුව
හදිසි ප්‍රථමාධාර අවස්ථා සහ සේවා ස්ථාන අනතුරු වලදී නිසි ප්‍රතිචාර දැක්වීමට අත්‍යවශ්‍ය කුසලතා ඔබගේ සේවකයන්ට ලබාදෙන්න. කර්මාන්තශාලා සේවකයන් සහ කාර්යාල කාර්ය මණ්ඩල සඳහා විශේෂයෙන් සැලසුම් කළ මෙම සම්පූර්ණ පුහුණු වැඩසටහන, ඔබගේ ආයතනයේ වෘත්තීය ආරක්ෂක ප්‍රමිතීන්ට අනුකූල වන බව තහවුරු කරමින්, ආරක්ෂාව සහ සූදානම පිළිබඳ ඔබ ආයතනය සුදානම් කරයි.
වැඩසටහන් විස්තර:
සහභාගී විය හැකි පිරිස වෘත්තිකයන්, කර්මාන්තශාලා සේවකයන්, කාර්යාල කාර්ය මණ්ඩල සහ සේවා ස්ථාන ආරක්ෂක කමිටු.
කණ්ඩායම් ප්‍රමාණය: උපරිම සාමාජිකයන් 30ක් පමණි එක් අවස්ථාවක් සදහා
පැවැත්වෙන ස්ථානය: ඔබගේ සේවා ස්ථානයේ, කර්මාන්තශාලාවේ හෝ කාර්යාල පරිශ්‍රයේදීම.
කාලය: සම්පූර්ණ එක් දිනක් (පෙ.ව. 8.30 – ප.ව. 5.30).
පුහුණුව ලබා දෙන්නේ: සැසි මෙහෙයවනු ලබන්නේ පහත සඳහන් කැපවූ කණ්ඩායමක් විසිනි:
එක් පිරිමි සහතිකලත් පුහුණුකරුවෙකු,
එක් කාන්තා සහතික ලත් පුහුණුකාරිනියක්,
එක් වෛද්‍යවරයෙක් (වෛද්‍ය උපදේශනය සහ අධීක්ෂණය සඳහා)
උපකරණ: අවශ්‍ය සියලු පුහුණු උපකරණ සහ මැනිකින් (mannequins) අප විසින් සැපයෙයි. ඔබෙන් අවශ්‍ය වන්නේ ස්ථානය පමණි.
පුහුණු ගාස්තුව: රු. 75,000 (සම්පූර්ණ කණ්ඩායම සඳහා ස්ථාවර ගාස්තුවක්).
ගමන් ප්‍රතිපත්තිය: සාමාන්‍ය අයකිරීම් පමණක් බස්නාහිර පළාත තුළ අයකෙරේ.බස්නාහිර පළාතෙන් පිටත ස්ථානයක් නම්, දුර අනුව අමතර ගමන් ගාස්තුවක් අයකෙරේ.
සහතිකපත් නිකුත් කිරීම:පුහුණුව අවසානයේ සියළු සාමාජිකයන් කෙටි විභාගයකට පෙනී සිටිය යුතුයි.සාර්ථක අපේක්ෂකයින්ට ඔවුන්ගේ කුසලතා සහ සූදානම සහතික කරන නිල සහතිකයක් ලබා දෙනු ලැබේ. ...
සම්පූර්ණ පාඨමාලා අන්තර්ගතය
මෙම පාඨමාලාව ජීවිත රැකගැනීමට අත්‍යවශ්‍ය ප්‍රථමාධාර දැනුම සහ රැකියා ස්ථානයේ හදිසි ආපදා ප්‍රතිචාර ක්‍රමෝපායන් එකට ඒකාබද්ධ කරයි. මෙහි ප්‍රායෝගික පුහුණුව සහ අවබෝධය සමඟ පහත කරුණු ඇතුළත් වේ:
හැඳින්වීම: ප්‍රථමාධාර යනු කුමක්ද? එය වැදගත් වන්නේ ඇයි?
ආරක්ෂාව: පියවර ගැනීමට පෙර කර්මාන්ත පරිසරයේ අනතුරු සොයා බැලීම
සූදානම: සේවා ස්ථාන ප්‍රථමාධාර පෙට්ටියක අත්‍යවශ්‍ය දේවල් සහ අවශ්‍ය සැපයුම් නඩත්තු කිරීම.
Resuscitation: නිවැරදි Recovery Position ඉරියව්ව.
තුවාල: තුවාල හදුනාගැනීම, තුවාල සදහා බෙහෙත් යෙදීම සහ අස්ථි බිඳීම් හසුරුවීම.
ස්වසන මාර්ග අවහිරතාව: කළමනාකරණය- උගුරේ යමක් සිරවීම.
දැවීම්: සත්කාර කිරීම පිළිස්සුම් තුවාල සදහා.
හෘද රෝග හදිසි අවස්ථා හෘදයාබාධයක ලක්ෂණ හඳුනා ගැනීම.
ස්නායු පද්දතිය සම්බන්ධ සිදුවීම්: මෙම අවස්ථා හැසිරවීම - ෆිට් එකක් (Seizures).
විදුලිය හා සම්බන්ද ආරක්ෂාව විදුලි සැර වැදීමේ අවස්ථාවල ප්‍රතිචාර දැක්වීම.
රුධිර සංසරණ ගැටලු: සිහි මූර්ඡා වීම (Fainting) කළමනාකරණය.
ආහාර ජීර්ණ පද්ධති ගැටලු: ආහාර විෂවීමකදී ඉක්මනින් ගත යුතු පියවර.
ප්‍රතිශක්තිකරණය ආශ්‍රිත ගැටළු: ආසාත්මිකතා (Allergies) හඳුනා ගැනීම සහ ගතයුතු පියවර
Water Safety: දියේ ගිලීමකදී ප්‍රථමාධාර
Critical Intervention: Hands-on Cardiopulmonary Resuscitation (CPR).
සපා කෑම් සහ දෂ්ට කිරීම්: සර්ප දෂ්ටන, බල්ලන් සපා කෑම වැනි අවස්ථා වලදී හදිසි ප්‍රථමාධාර.
හදිසි තත්වයකට සුදානම් වීම:ඉවත් කිරීමේ (Evacuation) ක්‍රියාවලියේදී ප්‍රථමාධාර සපයන්නන්ගේ භූමිකාව, එක්රැස් වීමේ ස්ථාන කළමනාකරණය.
එකවර සේවකයන් කිහිපදෙනෙකු තුවාල ලබන අවස්ථාවලදී, හදිසි වෛද්‍ය සේවා පැමිණෙන තෙක් වඩාත් බරපතළ රෝගීන්ට ප්‍රමුඛත්වය ලබාදී ප්‍රතිකාර සංවිධානය කරන ආකාරය.

උසස් ප්‍රථමාධාර පුහුණුව
අපගේ උසස් ප්‍රථමාධාර පුහුණුව, සාමාන්‍ය අනතුරු මෙන්ම ප්‍රධාන හදිසි අවස්ථා හසුරුවීම සඳහා ගැඹුරු දැනුමක් සහ ප්‍රායෝගික සූදානමක් ලබා දෙයි.
වැඩසටහන් විස්තර:
සහභාගී විය හැකි පිරිස වෘත්තිකයන්, කර්මාන්තශාලා සේවකයන්, කාර්යාල කාර්ය මණ්ඩල සහ සේවා ස්ථාන ආරක්ෂක කමිටු.
කණ්ඩායම් ප්‍රමාණය: උපරිම සාමාජිකයන් 30ක් පමණි.
පැවැත්වෙන ස්ථානය: අපි පුහුණුව ඔබ වෙතටම ගෙන එමු! පුහුණුව ඔබගේ නිවසේ හෝ ඔබ කැමති ස්ථානයක පැවැත්වේ.
කාලය: සම්පූර්ණ දින දෙකක් (සෑම දිනකම පෙ.ව. 8.30 – ප.ව. 4.30).
පුහුණුව ලබා දෙන්නේ: සැසි මෙහෙයවනු ලබන්නේ පහත සඳහන් කැපවූ කණ්ඩායමක් විසිනි:
එක් පිරිමි සහතිකලත් පුහුණුකරුවෙකු,
එක් කාන්තා සහතික ලත් පුහුණුකාරිනියක්,
එක් වෛද්‍යවරයෙක් (වෛද්‍ය උපදේශනය සහ අධීක්ෂණය සඳහා)
උපකරණ: අවශ්‍ය සියලු පුහුණු උපකරණ සහ මැනිකින් (mannequins) අප විසින් සැපයෙයි. ඔබෙන් අවශ්‍ය වන්නේ ස්ථානය පමණි.
පුහුණු ගාස්තුව: රු. 120,000 (සම්පූර්ණ කණ්ඩායම සඳහා ස්ථාවර ගාස්තුවක්).
ගමන් ප්‍රතිපත්තිය: සාමාන්‍ය අයකිරීම් පමණක් බස්නාහිර පළාත තුළ අයකෙරේ.බස්නාහිර පළාතෙන් පිටත ස්ථානයක් නම්, දුර අනුව අමතර ගමන් ගාස්තුවක් අයකෙරේ.
සහතිකපත්‍ර: පුහුණුව අවසන් වූ පසු සියලු සහභාගිවන්නන් සඳහා කෙටි ලිඛිත විභාගයක් පැවැත්වේ. සාර්ථකව සමත් වන්නන්ට, ඔවුන්ගේ කුසලතා සහ සූදානම තහවුරු කරන නිල ප්‍රථමාධාර සහතිකපත්‍රයක් නිකුත් කරනු ලැබේ.
සම්පූර්ණ පාඨමාලා අන්තර්ගතය
අපගේ විෂයමාලාව සියලුම හදිසි අවස්ථා සහ ජීවිත රැකගැනීමේ තීරණාත්මක ක්‍රමවේද ආවරණය වන පරිදි සැලසුම් කර ඇත. පහත සඳහන් ප්‍රායෝගික පුහුණුව සහ න්‍යායාත්මක අවබෝධය ඇතුළත් වේ:
හැඳින්වීම: ප්‍රථමාධාර යනු කුමක්ද? එය වැදගත් වන්නේ ඇයි?
ආරක්ෂාව: යමක් කිරීමට පෙර ඔබගේ ආරක්ෂාව තහවුරු කරගන්නේ කෙසේද
සූදානම: ප්‍රථමාධාර බෑගයක අත්‍යවශ්‍ය අංග.
Resuscitation: නිවැරදි Recovery Position ඉරියව්ව.
තුවාල: තුවාල හදුනාගැනීම, තුවාල සදහා බෙහෙත් යෙදීම සහ අස්ථි බිඳීම් හසුරුවීම.
ස්වසන මාර්ග අවහිරතාව: ස්වසන මාර්ගයේ හිරවීම (Choking) කළමනාකරණය.
දැවීම්: පිළිස්සුම් තුවාල කළමනාකරණය.
හෘද රෝග හදිසි අවස්ථා හෘදයාබාධයක ලක්ෂණ හඳුනා ගැනීම.
ස්නායු පද්දතිය සම්බන්ධ සිදුවීම්: අපස්මාරය පාලනය කිරීම
විදුලිය හා සම්බන්ද ආරක්ෂාව විදුලි සැර වැදීමේ අවස්ථාවල ප්‍රතිචාර දැක්වීම.
රුධිර සංසරණ ගැටලු: සිහි මූර්ඡා වීම (Fainting) කළමනාකරණය.
ආහාර ජීර්ණ පද්ධති ගැටලු: ආහාර විෂවීමකදී ඉක්මනින් ගත යුතු පියවර.
ප්‍රතිශක්තිකරණය ආශ්‍රිත ගැටළු: ආසාත්මිකතා (Allergies) හඳුනා ගැනීම සහ ගතයුතු පියවර
Water Safety: දියේ ගිලීමකදී ප්‍රථමාධාර
Critical Intervention: Hands-on Cardiopulmonary Resuscitation (CPR).
සපා කෑම් සහ දෂ්ට කිරීම්: සර්ප දෂ්ටන, බල්ලන් සපා කෑම වැනි අවස්ථා වලදී හදිසි ප්‍රථමාධාර.
හදිසි තත්වයකට සුදානම් වීම:ඉවත් කිරීමේ (Evacuation) ක්‍රියාවලියේදී ප්‍රථමාධාර සපයන්නන්ගේ භූමිකාව, එක්රැස් වීමේ ස්ථාන කළමනාකරණය.
එකවර සේවකයන් කිහිපදෙනෙකු තුවාල ලබන අවස්ථාවලදී, හදිසි වෛද්‍ය සේවා පැමිණෙන තෙක් වඩාත් බරපතළ රෝගීන්ට ප්‍රමුඛත්වය ලබාදී ප්‍රතිකාර සංවිධානය කරන ආකාරය.

Custom Packages
Custom Packages ශ්‍රී ලංකාවේ සේවා ස්ථානවල විශේෂ අවශ්‍යතා සපුරාලීම සඳහා මෙම සැලසුම කර ඇත. ඔබගේ කර්මාන්තයේ සේවක සංඛ්‍යාව සහ පරිසරය අනුව පුහුණු වැඩසටහන් කරනු ලබන අතර, ඒවා දේශීය ආරක්ෂක ක්‍රමවේද හා නියාමන අපේක්ෂාවන්ට අනුකූල වන ලෙස සකස් කර ඇත. අපි නම්‍යශීලී කාලසටහන්, සේවා ස්ථානයේදීම පුහුණුව, සහ සේවා ස්ථානයක හදිසි අවස්ථා සඳහා ඔබගේ කණ්ඩායම සූදානම් කරන සිදුවීම් පදනම් කර ගනිමින් පුහුණු සැසි ලබා දෙමු.
ප්‍රථමාධාර ගැන දැනුමේ වෙනසක් ඇති කිරීමට අප හා එක්වන්න!
අපගේ ප්‍රථමාධාර පුහුණු වැඩසටහන් පිළිබඳ වැඩිදුර දැන ගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න.